Monday, January 6, 2014

Homage to the Buddah (ithi piso bagawa arahan samma sambuddo vijjacharana sampanno sugatho lokavidhu anuththaro pooreesadhamma saarathee saththa daewa manussaanan buddho baghawaathee.)

This prayer is one of the many prayers that is there to pay homage to the lord Buddah. I just wanted post this here since a search in English for the same prayer in Google yielded zero results. so to help someone out and as a small SEO experiment. here we go.


ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිඳු අනුත්තරෝ පුරිසධම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවාති.

ithi piso bagawa arahan samma sambuddo vijjacharana sampanno sugatho lokavidhu anuththaro pooreesadhamma saarathee saththa daewa manussaanan buddho baghawaathee.


ඒ භාග්‍යවත් බුඳුරජාණනන් වහන්සේ , සියලු පුජාවන් ලැබීමට සුදුසුවීම් ආදි කාරණයෙන් අරහත් නම් වන සේක. සියල්ල තමාගේ ඥානයෙන්ම මනා කොට දත් සේක. පඥාවෙන් හා සිල් ආදි වර්ණ ධර්ම වලින් සම්පුර්ණ වන සේක . යහපත් ගමනින් හා යහපත් වචනයෙන් යුක්ත වන සේක. ලෝකය දන්නා සේක. අන් අයට හික්මවන්නට නොහැකි අය හික්මවිමෙහි සියල්ලටම වඩා සමර්ථ සේක.දෙව් මිනිසුන් ඇතුලු සියල්ලටම ගුරුවරයෙක් වු සේක. සත්‍ය අවබෝධ කල සේක. සියලු පව් නැසු සේක.
Meaning in English
Such, indeed, is that blessed one exaled, omniscient, Endowed with knowledge and virtue, Auspicious, know of worlds, a guide in comparable for the training of individuals teacher of gods and humans, enlightened ,and Holy.

the meanings of the words in sinhalese-

1. ඉතිපිසෝ භගවා අරහං - අප භාග්‍යවතුන් වහන්සේ, සසර පෙර පුරුදු සමගම, සියලු කෙලෙසුන් දුරු කළ හෙයින්ද, සියලු පාපයන්ගෙන් මිදුන හෙයින්ද,රහසින්වත් පව් නොකළ හෙයින්ද, සියලු ලෝ වැසියන්ගේ, උතුම් ආමිෂ පූජාවන්, අති උතුම් ප්‍රතිපත්ති පූජාවන්, සියල්ලටම සුදුසු වන හෙයින්ද, අරහං නම් වන සේක.

2. ඉතිපිසෝ භගවා සම්මා සම්බුද්ධෝ - අප භාග්‍යවතුන් වහන්සේ,කෙටියෙන්ම කියනවනම්, පඤ්ච උපාදානස්කන්ධයම දුක බවද, පඤ්ච උපාදානස්කන්ධ දුක හට ගැනීමද, පඤ්ච උපාදානස්කන්ධ දුක නැති කිරීමද, පඤ්ච උපාදානස්කන්ධ දුක නැති කරන මගද යන, මධ්‍යම ප්‍රතිපදාව නැමති, චතුරාර්‍ය සත්‍යය ධර්මය,කිසිවෙකුගේ උපකාරයකින් තොරව, තමන් වහන්සේ විසින්ම, අවබෝධ කළ හෙයින්, සම්මා සම්බුද්ධ නම් වන සේක.

3. ඉතිපිසෝ භගවා විජ්ජා චරණ සම්පන්නෝ - අප භාග්‍යවතුන් වහන්සේ, නාම රූප ධර්මයන්හි තිලකුණු, මනා නුවණින් දැකීම, පෙර විසූ භවයන් දැකීම ආදී, ඥානයන් අටකින්ද, පාතිමොක්ඛ සංවර ශීලය, ඉන්ද්‍රිය සංවර ශීලය, ආදී චරණ ධර්ම පහළොවකින්ද, සමන්විත වන හෙයින්, විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

4. ඉතිපිසෝ භගවා සුගතෝ - අප භග්‍යවතුන් වහන්සේ, කාමසුකල්ලිකානු යෝගය, අත්තකිලමතානු යෝගය යන, අන්ත දෙකටම නොබැඳි අත්හැර,මධ්‍යම ප්‍රතිපදාව භාවිතා කර ගෙන, පරම සත්‍ය දුටු සිතකින් යුක්තව, දුටු දුටුවන් පහදින ගමනින් යුක්තව, ඇසු ඇසුවන් පහදින වදනින් යුක්තව, සසර කතරේ අතරමං නොවී, නිවන් අවබෝධයටම පැමිණි හෙයින්, සුගත නම් වන සේක.

5. ඉතිපිසෝ භගවා ලෝක විදූ - අප භාග්‍යවතුන් වහන්සේ, සියලු ලෝකයන්හි සියලු දේ පිළිබඳව, ලෞකික වශයෙන්ද, ලෝකෝත්තර වශයෙන්ද, සම්මුතික වශයෙන්ද, පරමාර්ථ වශයෙන්ද, සියල්ල දන්නා නුවණින්,සමන්විත වන හෙයින්, ලෝක විදූ නම් වන සේක.

6. ඉතිපිසෝ භගවා අනුත්තරෝ පුරිසදම්ම සාරථී - අප භාග්‍යවතුන් වහන්සේ, දෙවි බඹුන්ටද හික්මවිය නොහැකි, අති චණ්ඩ අධිමාන කෛරාටික,නොහික්මුණු තැනැත්තන්, නැවත වෙනස් නොවන පරිදි, මනා සේ හික්මවා,ධර්මයෙහි පිහිටුවා, යහමගට ගැනීමෙහි, අග්‍රෝත්මයාණන් වහන්සේ වන හෙයින්,අනුත්තරෝ පුරිසදම්ම සාරථී නම් වන සේක.

7. ඉතිපිසෝ භගවා සත්ථා දේව මනුස්සානං - අප භාග්‍යවතුන් වහන්සේ,නුගත්, උගත්, බුද්ධිමත්, නුවණැති මෙලොව මිනිසුනටද, දෙව් ලොව දෙවි වරුන්ටද, බඹ ලොව බ්‍රහ්මයන්ටද, ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදී, නිවන් සුව අවබෝධය පිණිස, අවවාද අනුශාසනා කරන, එකම ශාස්තෘවරයාණන් වහන්සේ වන හෙයින්, සත්තා දේව මනුස්සානං වන සේක.

8. ඉතිපිසෝ භගවා බුද්ධෝ - අප භාග්‍යවතුන් වහන්සේ, භයංකර වූ සසර දුකද, සසර දුක හට ගැනීමද, සසර දුක නැති කිරීමද, සසර දුක නැති කරන මගද යන, මධ්‍යම ප්‍රතිපදාව නැමති, චතුරාර්‍ය සත්‍යය ධර්මය, වට තුනකින් දොලොස් අයුරකින්, මනාව අවබෝධ කොට, අන්‍යන්ගේ අවබෝධය පිණිසද,දේශනා කළ හෙයින්, බුද්ධ නම් වන සේක.

9. ඉතිපිසෝ භගවා භගවා - අප භාග්‍යවතුන් වහන්සේ, අන්‍ය ශාස්තෘවරු හැමදෙනා මෙන් නොව, අප්‍රමාණ වූ සම්‍යක් ශීලයකින්ද, අප්‍රමාණ වූ සම්‍යක් සමාධියකින්ද, අප්‍රමාණ වූ සම්‍යක් ප්‍රඥාවකින්ද, කියා, ගයා, ලියා නිම කළ නොහැකි,අප්‍රමාණ වූ බුදු ගුණයන්ගෙන්, සම්න්විත වන හෙයින්ද, සසර ගත සියලු සත්වයන් හට, සම්බුදු සරණ පිණිසද, සදහම් සරණ පිණිසද, සඟ සරණ පිණිසද, සිව් වනක් පිරිසම ඇති කළ නිසා, සියලු ලෝ වැසියන් විසින්ම, ගරු කිරීමට සුදුසු වන හෙයින්, භගවා නම් වන සේක.


please find the full list of prayers in pali from this link.



credits to http://priyani.mohanjith.net/blog/2009/06/බුදු-ගුණ/ and
http://buddhisthomage.blogspot.ch/2009/07/homage-to-buddha.html sites for content to this post.




Related Posts Plugin for WordPress, Blogger...